බුදු දහමට නිගාකරන 'ස්කිනි බුද්ධා' විලාසිතා අන්තර්ජාලයෙන් අතුගා දමයි

බුදු රජාණන් වහන්සේගේ රුව මොඩ් කර එයට සන්ග්ලාස් පළඳවා තරුණ පරපුර අතර ජනප්‍රිය කරවීමේ අරමුණින් ටී ෂර්ට්, බෑග්, පළඳනා නිෂ්පාදනය කරන 'ස්කිනි බුද්ධා' නමැති ව්‍යාපාරයක් ගැන මේ දිනවල තොරතුරු වාර්තා වනවා.
ඔවුන්ගේ තේමා පාඨයෙන් පැවසෙන්නේ නිර්මල බුදු දහමට කැමති අය මේ විලාසිතාවන්ගෙන් සැරසෙන්න යනුවෙනි.

අල්පේච්ඡතාව මුල්කරගෙන ප්‍රකටවූ බුදු දහමට මෙවැනි විලාසිතාවන්ගෙන් කෙරෙන්නේ නිග්‍රහයක් බව මේ නිර්මාණ කරුවන් දන්නේ නැතිද නැතිනම් හිතාමතාම බුදුදහමට අපහාසවන ආකාරයට මේවා නිර්මාණය කරන්නේද යන්න පැහැදිලි නැත.

බුදුරුව සඳහන් මේ ටී ෂර්ට් විකුණාගැනීම සඳහා ඒවා ලිංගික ආකර්ෂණය ඇතිවන ආකාරයට තරුණියන්ට අන්දවා ඡායාරූප ගෙන අන්තර්ජාලයේ ප්‍රචලිත කර තිඛෙනවා.
මේ ගැන ඊයේ පෙරේදා ඊමේල් මාධ්‍ය ඔස්සේ මහත් ආන්දෝලනයක් ඇතිවුණා.

බුදු දහමට නිගාකරන ස්කිනි බුද්ධාට එරෙහිව අන්තර්ජාල පිටු මකා දමන්නට බෞද්ධ පාඨකයින් අදාළ ආයතන වලට කර තිබූ බලපෑම මේ වන විට සාර්ථකවී තිඛෙනවා.

ස්කිනි බුද්ධා විලාසිතා සඳහා අන්තර්ජාලයේ ෆේස් බුක් පිටුවක්ද ඊයේ(11) රාත්‍රිය වනතුරු ක්‍රියාත්මක වූ අතර එය පාඨක විරෝධතා නිසා නවතා ඇති සෙයක්ද අද වාර්තා වනවා.

එසේම ඔවුන්ගේ ප්‍රචාරක වීඩියෝ පටයක් යූ ටියුබ් මාධ්‍යයේ තිබුණ අතර එය දැන් මකා දමා තිඛෙනවා.

ස්කිනි බුද්ධා ඔන්ලයින් නමින් ක්‍රියාත්මකවූ ඔවුන්ගේ වෙබ් අඩවිය දැන් ඉවත් කරගෙන ඇති අතර එහි දිස්වන්නේ සර්වරයේ පණිවිඩයක් පමණි.

බුදු දහමේ හෝ කවර ආගමක අරුථ නිසියාකාරව නොදැන ඒවා වාණිජකරණයට යොදාගැනීම කෙතරම් නොහොබිනාකමක්ද යන්න මොවුන්ගේ ඡායාරූප දකින කෙනෙකුට වටහාගන්නට හැකිවෙයි.




ෆේස්බුක් යාළුවෝ එක්ක බෙදාගන්න