අඩ නිරුවත් චරිතයක් ලැබුනොත් ප‍්‍රතික්ෂේප කරනවා - පුෂ්පිකා

පුෂ්පිකා තවමත් විවාහය සැලැසුම් කර නැතිලු...
සංස්කෘතියට ගැලැපෙන විලාසිතා කරනවා... 

බිකිනිය හැර  ඕනෑම විලාසිතාවක් කිරීමට තමා 
සූදානම් බව වසර 2011 ශී‍්‍ර ලංකා රූ රැජිණ බවට පත් මහම්පිටිය ආරච්චිලාගේ පුෂ්පිකා සඳමාලි ද සිල්වා කියයි.

ඇය සතිඅන්ත පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මේබව පවසා තිබේ.නිර්මාණකරණයේ යෙදීමේදී වර්ගීකරණය කර ක්‍ෂේත‍්‍රයේ රැඳී සිටීමට නොහැකි බව පවසන පුෂ්පිකා ඉන් අදහස් කරන්නේ සම්පූර්ණ ඇඟ පසඟ පෙන්විය යුතු බව නොවන බවද කියන්නීය.
ශී‍්‍ර ලංකා සංස්කෘතියට ගැලැපෙන පරිදි නිවරදි විලාසිතාවක යෙදිය හැකි බවද ඇය පවසන්නීය.

නිරූපිකාවක් වූ පිළියට ලැබෙන හැම චරිතයක්ම රඟ නොපාන බවද පවසන පුෂ්පිකා අඩ නිරුවත් චරිතයක් ලැබුනොත් එය නිර්මාණාත්මක වුණත්  ප‍්‍රතික්ක්ෂේප කරන බවද පවසා තිබේ.

ආදරය සුන්දර බවද තමා මේවන විට පෙම්වතියක් බවත් හෙළිකර ඇති ඈ පෙම්වතා සම්බන්ධයෙන් හෙළිකර නොමැත.

කෙසේවවුද විවාහය තවමත් සැලැසුම්කර නොමැති බවත්, ඒ සදහා තව කලවයස තිබෙන බවත් ඇය පවසා තිබේ.
ෆේස්බුක් යාළුවෝ එක්ක බෙදාගන්න