ෆේස්බුක් යාළුවෝ එක්ක බෙදාගන්න

වැරදුණු මැජික්‍...( සංවේදී පුද්ගලයින් නැරඹීමෙන් වලකින්න

මැජික් කියන්නෙ කලාවක් හැබැයි මැජික් කාරයින්ටත් වරදින අවස්ථා තියෙනව මේකත් ඒවගේ දෙයක් මේ වීඩියෝ පටය සංවේදී පුද්ගලයින් හා ගැබිණි මවුන් නැරඹීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිමි.


ෆේස්බුක් යාළුවෝ එක්ක බෙදාගන්න 

අලුතින් තේරුණු සොබාදහමේ පුදුම හත

 පුදුම හත සංකල්පයට ඇත්තේ බෝහෝ දිගු ඉතිහාසයකි. කි‍්‍රි.පූ 484 සිට 425 දක්වා වූ කාල පරාසය තුළ ජීවත්වූ හෙරඩෝටස් නමැත්තා හා පූරා කියා ලෝකයේ පුදුම හත නම් කළ අතර
, ඒ සඳහා ඔහු ඉදිරිපත් කලේ මිසර පිරමීඩ, එල්ලෙන උයන, ඔලිම්පියා සියුස් ප‍්‍රතිමාව, ආටෙමීස් දෙවොල, හාලිකනාසස් සොහොන්ගෙය, රාඩෝස් ප‍්‍රතිමාව සහ ඇලෙක්සැන්ඩි‍්‍රයාවේ ප‍්‍රදීපාගාරයයි.
හෙරඩෝටස්ට පසුව ජීවත් වූ කැලිමෑකුස් නැමැත්තාද ඉහත දැක්වූ පුදුම හත ලෝකයේ පුදුම හත ලෙස පිළිගත්තේය.
පුදුම හත යන සංකල්පය ලෝකයට ආවේ එපරිද්දෙන් වූවත් ඉනික්බිතිවද මේ හතට ඉලක්කමක්වත් අලූතින් එකතු වූයේ නැත. ඒ නිසා අදටත් නම් කෙරෙන්නේ පුදුම හතමය!
ඉහතින් නම් කළ පුදුම හතේ එක් එක් පුදුමය විටින් විට විනාශ විය. ඒ එක්කො භූමි කම්පා වලනි. නොඑසේනම් හදිසි ගිනිගැනීම් හේතුවෙනි. කෙසේ හෝ වේවා මේ වනවිට ඉන් ඉතිරිව ඇත්තේ එකම එක පුදුමයකි. ඒ මිසරයේ පිරමීඩයි.
කෙසේ වෙතත් යුගයෙන් යුගයට අලූතින් පුදුම හත නම් කිරීමේ විලාසිතාවක්ද ඇරඹුණි.
මේ වනවිටත් මධ්‍යතන යුගයේ පුදුම හත, නූතන ලෝකයේ පුදුම හත, සංචාරක ආකර්ෂනය දිනූ පුදුම හත, ස්වභාවික පුදුම හත, දිය යට පුදුම හත ආදී වශයෙන් විවිධ වූ පුදුම ගණනාවක් තේරී අවසානය.
මේ අතර 2007 වසරේදී මිනිසුන් විසින් නිර්මිත ලෝකයේ පුදුම හතඅලූතින් නම් කරන්නට යෙදුණි. අන්තර්ජාලය ඔස්සේ පැවැත්වුණු මහජන ඡුන්ද විමසීමකින් තෝරාගන්නා ලද මේ පුදුම හතට ටජ්මහල, චීන මහා ප‍්‍රකාරය, රෝම රඟමඩල, බ‍්‍රසීලයේ ගැලවුම්කාර ක‍්‍රිස්තු ප‍්‍රතිමාව, මැක්සිකෝවේ ඉටිසා හි මායා නගරය, ජෝර්දානයේ පෙට‍්‍රා රඟහල සහ පේරුරටේ මාචු පීචු ඉන්කා අධිරාජ්‍යයේ නටබු4න් ඇතුළත් විය.
තවත් එබඳුම ඡුන්ද විමසීමක් ඉකුත් වසර කිහිපයක් පුරා පැවැත්විණි. එහි ඡුන්ද ගණනය කිරීම සිදුවූයේ 11.11.11 වැනිදාය. එම දිනයෙහි ඇති සුවිශේෂත්වය නිසාදෝ එදින ඡන්ද ගණනය කර එහි ප‍්‍රතිඵල ප‍්‍රකාශිත දිනය ලෙස තෝරාගන්නට ඇත.
පුදුම හත තේරීමේ ප‍්‍රධාන කාර්යාලය පිහිටි සූරිච්හිදී ඡන්ද ප‍්‍රථිපල එදින නිකුත් කෙරුණු නමුත් එය නිලවශයෙන් නිකුත්කරන්නේ ලබන වසරේදීය. හේතුව මේ ඡන්ද ගණනය නිවැරැදිද යන්න තවමත් පරීක්ෂා කිරීමේ අවශ්‍යතාවයක් තිබෙන නිසාය. කෙසේ හෝ වේවා ඉකුත් 11 දා නිකුත් කෙරුණු ප‍්‍රථිපල වාර්තාවට අනුව සොබාදහමේ අලූත්ම පුදුම හත ලෙස මහජන ඡන්දයෙන් තේරී පත් වූ පුදුම හත මෙන්න.
ඇමේසන්, හැලෝංග් බොක්ක, ඉගුවාසු ඇල්ල, ජේජු දුපත, කොමොඩෝ දුපත හා ජාතික වනෝද්‍යානය, පූර්ටෝ සෙන්සෙසා භුගත ගංගාව, ටේබල් මවුන්ටන්.
මෙතෙක් කලක් සම්මතව පැවති සොබා දහමේ පුදුම හත මෙසේය.
ඇමරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා ජනපදයේ පිහිටි ග‍්‍රෑන්ඞ් කැනියන් මහා දොරුව.
ඕස්ටේ‍්‍රලියාවේ ක්වින්ස්ලන්තයේ වෙරළ බඩ පිහිටි ලෝකයේ විශාලතම කොරල්පරය වන මහා බාධක පරය,
බ‍්‍රසීලයේ මුහුදු තීරයේ පිහිටි රියෝද ජැනයිරෝ වරාය.
ලෝකයේ උසම කන්ද වන හිමාල කඳුවැටියේ එවරස්ට් කඳු මුදුන ආක්ටික් හා ඇන්ටාක්ටික් ධ‍්‍රැවයේ අරුණලූ.
මෙක්සිකෝවේ පිහිටි මීටර් 3170 ක් උස පැරි කි්‍යුටින් ගිනිකන්ද සිම්බාබ්වේ සහ සැම්බියාවට අයත් සැම්බෙසි ගංගාවේ විශ්මිත නිර්මාණයක් වන වික්ටෝරියා දිය ඇල්ල.
එහෙත් අලූතින් තේරුණු පුදුම හත කලින් තිබුණු පුදුම හතට වඩා වෙනස් වී තිබේ. කලින් පුදුම අලූත් පුදුම ඉදිරියේ පසුපසට තල්ලූ වී තිබේ.

කෙසේ හෝ වේවා අලූතින් තේරුණු පුදුම හතේ අපූරු විස්තර මෙසේය.



ඇමේසන්


ඇමේසන් වැසි වනාන්තරය මෙන්ම ඒ මැදින් ගලනා ඇමේසන් නදියද විශ්මයකි. දකුණු ඇමෙරිකාවේ ඇමේසන් නදී නිම්නය ආවරණය කරන අමේසන් වනාන්තරය බ‍්‍රසීලය, පේරු, වෙනිසියුලාව, කොළොම්බියාව, ප‍්‍රංශ ගයනාව, ඉක්වදෝරය, බොලීවියාව, ගයනාව, සහ සූරිනාමය යන රටවල් පුරා පැතිර ඇත්තේය. ඒ නිසාම ලෝකයේ ලොකුම වැසි වනාන්තරය වන්නේ ඇමේසනයයි.
එමෙන්ම ලෝකය පුරා පැතිරුණු සියළු වැසි වනාන්තර වල එකතුවෙන් අර්ධයක්ම වැසී යන්නේ ඇමේසනයෙනි.
වසර මිලියන ගණනක් තිස්සේ නිර්මාණය වූ ඇමේසන් වනය විවිධාකාර සත්ත්ව සමූහයකගේද වාස භවනයයි. යෝධ කුහුඹු කන්නා, ටේපරයා, ජගුවරයා ඇලිගේටරයා, පීරන් හා මත්ස්‍ය, ඇතුළු විවිධාකාර සත්ත්ව සමූහයකගේද වනචාරී මිලේච්ඡයන්ගේද වාසභූමියක් වන ඇමෙසන් වනය මැදින් ගලායන ඇමේසන් නදිය ලෝකයේ ලොකුම නදියයි. එසේම ලෝකයේ දිගම ගඟ වන්නේද ඇමේසන් ගඟ බව ඉකුත් දා කරන ලද ගවේශනයකින් හෙලිදරව් විය.
ඉතින් මේ හරිත වනය ලෝකයේ ලොකුම පුදුමයක් වීම කිසිසේත්ම පුදුමයක් නොවේ.

ඉගුආසු ඇල්ල

බ‍්‍රසීලයේ දකුණු දිග කලාපයටත් ආර්ජන්ටිනාවේ මිඩියන්ස් පලාතටත් අයත් ඉගුආසු ඇල්ල, ඉගුආසු ගංගාවේ පිහිටි දර්ශණීයතම ඉසව්වකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආශ්චර්යයක් වන ඉගුආසු, දිය ඇලි සංකීර්ණයකි. මී. 2700 ක් පළල මේ ඇල්ල ලොකු කුඩා දිය ඇලි 270 ක එකතුවකි. ඇල්ලේ පළලින් මීටර් 1900 ක් බ‍්‍රසීලයටත් ඉතිරිය ආර්ජන්ටිනාවටත් අයත් වෙයි. මෙහි උසම ඇල්ලේ උස මීටර් 82 ක් වන අතර බහුතරයක උස මීටර් 64 ක් පමණය.
ඉඟුආසු ඇල්ලේ ප‍්‍රධානතම ඇල්ල වන්නේ යක්ෂයාගේ උගුරයි. පලල මීටර් 150 ක් ඉක්මවන මේ යක්ෂ උගුර ඉංග‍්‍රීසි ‘යූ’ අකුරේ හැඩය ගන්නකි. මෙම ඇල්ල පිහිටා ඇත්තේ බ‍්‍රසීලයත් ආර්ජන්ටිනාවත් වෙන්කරන මායිමේය.
තත්ත්පයකට ලීටර් 15000 තරම් ජල ප‍්‍රවාහයක් ඇද හැළෙන මේ අපූරු ඇල්ල අභියස වික්ටෝරියා ඇල්ලත් නයාගරාවත් දෙවැනි වෙයි.
ඉගු ආසු ඇල්ල වටකොටගත් වන රක්ෂිතය ජගුවරයින් යෝධ කුහුඹු කන්නන් වැනි ඇමේසන් වන කලාපයට අයත් අපූරු සතුන්ගේද නිජබිමකි.

හා ලොන්ග් බොක්ක

වියට්නාමයට අයත් හාලෝන්ග් බොක්ක නිසල ජල තලයකටත් හුණු ගල් කඳුගැටයකටත් උරුම කියන්නකි. වසන්තයේදී බෙහෙවින් පැහැපත් වන බොක්කේ ජලය නිසා මුහුදු පතුලේ සිරි නරඹමින් පිහිනන්නටද පුළුවන. විසිතුරු ගල්ගුහා රැුසකට උරුම කියන හා ලෝන්ග් බොක්කේ ලොකුම ගුහාව සන් ෂොට් වන අතර බෝ නඋ ඊට වඩා තරමක් ප‍්‍රමාණයෙන් කුඩා ගුහාවකි.
අතිශය විසිතුරු දර්ශනයක් මවන මේ අපූරු මුහුදු තීරය මේ වනවිට අධික සංචාරක ආකර්ශනයක් ලබාගන්නේය. තවත් සමහරු මෙහි එන්නේ දියයට පිහිනීමටය. මුහුදු පත්ලෙහි ඇති විසිතුරු කොරල් පරය නිසා මුහුද යට පිහිනන්නකුට මෙලොව ඇති පරම රමණීය සුන්දරත්වය මොනවට දැක බලා ගත හැකිය.

කොමොඩෝ


බාලි දිවයිනට නාවික සැපතපුම් 200 කට ඔබ්බෙන් පිහිටි කොමොඩෝ ජාතික උද්‍යානය මේ ලෝකයෙන් සපුරාම වෙනස් වූවක් වැන්න. වර්තමානයේ යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙසද ප‍්‍රකාශයට පත්කරන ලද කොමොඩෝව වඩාත්ම සුවිශේෂ වී ඇත්තේ කොමොඩෝ මකරුන් නිසාවෙනි. මුළු ලෝකයෙන්ම කොමොඩෝ මකරුන් සිටින්නේ කොමොඩෝ දිවයිනේ පමණකි.

ටේබල් මවුන්ටන්

ටේබල් මවුන්ටන් ලෙස නම් කරන ලද කඳු ලෝකයේ බොහෝ ඉසව් වල ඇතත් ලෝක පුදුමයක් ලෙස සැලකෙන්නේ දකුණු අප‍්‍රිකාවේ කේප්ටවුන් හි පිහිටි මේ නම්ගත් කඳුවැටියයි.
උතුරේ සිට දකුණට විහිදුනු කඳු වැටියේ මුදුන් ගණනාවක් විවිධ නම් වලින් හඳුන්වති. සිංහ හිස, මේස කන්ද, යක්ෂයා ගේ කන්ද රිදී මුහුණත ඉන් ප‍්‍රධානතම කඳු හිස්ය.
විවිධ වර්ණවත් මල්වලින් නැහැවුණ කඳු යායක් මිටියාවතක් වසන්තයේදී සංචාරක නෙත් සිත් වසඟ කරන සුළුය.
පැතිරුණු වනාන්තරය සිංහයන්ගේද දිවියන්ගේද, සිවලූන්ගේ ද අප‍්‍රිකානු පඳුරු අලින්ගේද කළු රයිනෝසිරසුන්ගේ ද කඳුකර සීබ‍්‍රාවන්ගේද නිජබිමයි.

පූවර්වෝ ප‍්‍රින්සෙසා

පූවර්වෝ ප‍්‍රින්සෙසා භුගත ගංගාව සහිත ජාතික වනොද්‍යානය පිහිටියේ පිලිපීනයේ පූවර්වෝ ප‍්‍රින්සෙසා නගරයට කි.මි 50ට පමණ ඔබ්බෙනි. ශාන්ත පෝල් කඳුකරයට උතුරු දිගින් පිහිටි මේ ජාතික වන උයන ශාන්ත පෝල් බොක්ක මායිමේ පිහිටියේය.
මෙම වනෝද්‍යානයේ සුවිශේෂතම අංගය කි.මි 8 ක් දුරට විහිදුනු භුගත ගංගාවයි. එවැනි දුරකින් යුත් භූගත ගංගාවක් ලෝකයේ තවත් කොතනකින් වත් වාර්තා නොවන නිසාදෝ මෙය ලෝක පුදුමයක් ලෙස නම් කරනු ලැබීය.
යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස ද නම් කරනු ලැබූ මේ භූගත ගඟ සහිත ජාතික වනෝද්‍යානය සුන්දර වනගහනයකි. කුරුලූ විශේෂ 165 ක් ක්ෂීරපායි විශේෂ 30ක් උරග විශේෂ 19 ක් ආදී වශයෙන් වාර්තා වන මෙහි කටුස්සො ගෙම්බන් මෙන්ම මකුළුවෝද කැස්බෑවෝද වාසය කරති.

ජේජු දුපත

දර්ශණීය දියඇලි තුනක ජන්ම භූමිය වූ ජේජු දුපත දකුණු කොරියානු අර්ධද්වීපයට අයත් වූවකි. වැලි සහිත දිගු වෙරළවල් මෙන්ම සොඳුරු වනගහනයකින් ද යුත් ජේජු දුපත මේ වනවිටත් දැඩි සංචාරක ආකර්ශනයක් දිනාගෙන ඇත. විවිධ වර්ග වල මැණික් වලටද උරුමකම් කියන මේ අපූරු දුපත සීත සෘතුවේ දී අධික ශීතල දේශගුණයකින් යුක්තයි.
මීටර් 1950න් යුත් මහල් කඳු මුදුනක්ද තවත් යමහල් කිහිපයක්ද ඇති ජේජු දුපතේ පිහිටි හලසැන් ජාතික වනෝද්‍යානය යුනේස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර තිබේ
කිමිදෙන්නන්ට ලෝකයේ තිබෙන සුන්දරම මුහුදු පතුල දැකගැනීමටද වරම් ලැබෙන ජේජු දුපත අවට කොරල් පර අසල විසිතුරු මසුන් බහුලය.
මෙකී නවතම පුදුම හත හේතුවෙන් මේ ස්ථානවලට මෙතෙක් නොවූ විරූ අන්දමේ සංචාරක ආකර්ශනයක් උරුම වෙයි. ඒ නිසාම මේප‍්‍රදේශ වලට යටිතල පහසුකම් සැපයීමෙන් යහපත් ආර්ථිකයක් ගොඩ නඟා ගැනීමටද ඒ රටවලට පුළුවන්.
මේ නවතම පුදුම හත පිළිබඳව මහත් උත්සව ශ්‍රීයෙන් කෙරෙන ප‍්‍රකාශයක් ඉදිරි මාස දෙක තුන ඇතුලත සිදුවන බව පැවසේ.
සොබාදහමේ මේ පුදුම හතට වඩා පුදුම සහගත පුදුම ලෝකයේ තවත් තිබෙතැයි සමහරු චෝදනා කළ හැකිය. එහෙත් මේ පුදුම හත තෝරාගෙන ඇත්තෙ මිලියන සංඛ්‍යාත ඡන්ද වලින් බැවින් මේ ප‍්‍රතිඵල සාධාරණයැයි අපට පිළිගන්නට සිදුවේ.






ෆේස්බුක් යාළුවෝ එක්ක බෙදාගන්න 

මෝචරියේ සිටි බිලිඳා යළි පණ ලබයි !

උපන් ගෙයිම මිය ගිය බිලිඳුන් ගැන අපි නොයෙක් විට අසා ඇත්තෙමු. එහෙත් උපන් ගෙයිම මියගිය බව කියූ බිලිඳෙකු පණ පිටින් සිටින පුවතක් ගැන ඔබ අසා තිබේද?
මේ අසාමාන්‍ය සිද්ධිය වාර්තා වන්නේ ආර්ජන්ටිනාවෙනි. ආර්ජන්ටිනාවේ වෙසෙන  ෆැබියොන් වෙරෝන්ට දාව ඇනාලියා බොග්නට් බිලිඳියක බිහි කළද ඇය උපන් ගෙයිම මිය ගොස් ඇති බව වෛද්‍ය නිගමනය විය. තම පස්වන දරුවා ලෙස ඇනාලියා මේ බිලිඳිය බිහි කළේ දරු ප්‍රසූතිය සිදුවීමට තිබූ දින වකවානුවලට පෙරදීය. කෙසේ හෝ මෙලොව උපත ලැබූ මේ බිලිඳිය උපන් ගෙයිම මළ බව රෝහල් කාර්ය මණ්ඩලයේ තීරණය විය.


Luz ගේ මව සහ පියා
ඒ අනුව එම බිලිඳිය රෝහල් මෘත ශරීරාගාරයේ (මෝචරිය) වෙත යැවිණි. එහෙත් දෝර ගලා යන දරු සෙනෙහස  හමුවේ තම අලුත උපන් දියණියගේ වෙන්ව යාම ෆැබියොන්ට හා ඇනාලියාට ඉවසුම් නොදුනි. ඒ නිසාම තවත් එක්වරක් තම දරුවා බැලීමේ උවමනාවක් ඔවුන්ට විය. තම සෙවනින් වෙන්ව ගිය දියණිය සදා මතකයේ තබා ගැනීම සඳහා අවසන් වතාවට ඇයගේ ඡායාරූපයක් ලබා ගැනීමේ අවශ්‍යතාවද ඔවුන්ට තිබිණි.


ඒ අනුව එම බිලිඳාගේ දේහය තැන්පත් කර තිබූ රෝහල් මෘත ශරීරාගාරය වෙත ගිය දෙමාපිය යුවළට අත්දකින්නට ලැබුණේ විස්මිත වූවකි. රෝහල් සේවකයෙකු  විසින් බිලිඳු සිරුර  බහා තිබූ බඳුන විවෘත කරද්දී අඬන ශබ්දයක් ඔවුන්ට ඇසී තිබේ. බිලිඳියගේ මව විසින් ඇයගේ මුහුණ වසා තිබූ ආවරණය ඉවත් කළ විට හඬමින් තමන් ඉදිරියේ පණ පිටින් සිටින දියණිය මේ දෙමාපිය යුවළට දැකගත හැකි විය.
ෆේස්බුක් යාළුවෝ එක්ක බෙදාගන්න 

GOOGLE නිපද වූ රියදුරන් නොමැති මෝටර් රථය

ඇමරිකා එක්සත් ජනපදයේ නෙවාඩා හිදී රියදුරන් නොමැතිව ධාවනය කෙරෙන මෝටර් රථයක් සඳහා පසුගියදා අනුමැතිය හිමි වුනා.


මෙලෙස පළමුවරට ස්වයං ධාවක වාහන බලපත්‍රයක් (self-driven vehicle licence) හිමිව ඇත්තේ ලෝක ප්‍රකට ගූගල් (Google) සමාගම විසින් නවීකරණය කරන ලද ටොයෝටා ප්‍රියුස් (Toyota Prius) මෝටර් රථයකටයි .



මෙම මෝටර් රථයේ වහලයේ සවිකර ඇති වීඩියෝ කැමරා, රේඩාර් සංවේදක සහ ලේසර් කලාප හඳුනාගන්නා උපකරණයන්ගේ



ආධාරයෙන් වාහන තදබදයන් පිළිබඳ තොරතුරු ‘දැකබලාගැනීමට’ ද හැකිවෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් පළකරන ගූගල් සමාගමේ මෘදුකාංග ඉංජිනේරුවෙකු වන සෙබස්තියන් ත්රුන් පවසන්නේ මෙම රථය



කැලිෆෝර්නියාවේදී ද අත්හදා බැලූ බවයි. පරික්ෂණ ධාවනයන්හිදී හදිසියේ රථය මෘදුකාංග පාලනයෙන් මිදුනහොත් එය පාලනය කිරීම සඳහා පුහුණු රියදුරන්ද යොදවා තිබුණද කිසිදු අනතුරකින් තොරව සැතපුම් 1,40,000ක් ධාවනය කිරීමට එය සමත් වූ බවද ඔහු වැඩිදුරටත් පවසා සිටීයා.



නෙවාඩාහි රථවාහන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ බෲස් බ්‍රෙස්ලොව් පවසන්නේ අනාගත මෝටර් රථ රියදුරන් නොමැති මෝටර් රථ බවට පත්වනු ඇති බවයි. පසුගිය මාර්තුවේදී නෙවාඩා බලධාරීන් විසින් එරට රථවාහන නීති වෙනස් කරමින් රියදුරන් රහිත මෝටර් රථ සඳහා අවසර ලබාදී තිබුනා.



එමෙන්ම කැලිෆෝර්නියා ප්‍රාන්තය ඇතුළු ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයක්ම රියදුරන් රහිත මෝටර් රථ සඳහා අනුමැතිය ලබාදීමට සැළසුම් කරමින් සිටින බවද වාර්තා වේ. මේ සම්බන්ධයෙන් අදහස් පළකරමින් කැලිෆෝර්නියානු සෙනට් සභි‍කයෙකු පවසා ඇත්තේ බොහෝ රිය අනතුරු සිදු වී ඇත්තේ රියදුරන්ගේ වැරදි ‍හේතුවෙන් බවයි.



කෙසේවුවද මෙම පුවතත් සමඟින් තවත් බොහෝ රථවාහන නිෂ්පාදකයන් සිය ‘රියදුරන් රහිත’ ‍වාහන නිර්මාණ ලියාපදිංචි කරවීම සඳහා උත්සුක වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.





මේ එම රථය ක්‍රියා කරන අකාරය



ෆේස්බුක් යාළුවෝ එක්ක බෙදාගන්න
 
                                      

අපේ කාලයේ දියකිඳුරියක්

තල්මසුන්, ඩොල්ෆින් සතුන් හා මඩුවන් හා මෝරන් සමග වේගයෙන් පිහිනයි...
දියකිඳුරියන් පිළිබඳ ජනප‍්‍රවාද, කථාපුවත් අසා නැති කෙනෙක් නොමැති තරම්. දියකිඳුරියන් හුදු ජනප‍්‍රවාද යැයි ඇතැමුන් ගේ මතය වුවද, තමන් දියකිඳුරියන් දැක ඇති බවට ඇතැම් ධීවරයන්, නැවියන් කියයි.

මෙම පුවත අපේ කාලයේ දියකිඳුරියක් පිළිබඳවයි.

දියයට පිහිනුම්කාරියක්, නිළියක් හා නිරූපන ශිල්පිනියක් වන 36 හැවිරිදි හැනා ෆේ‍්‍රසර් ඕස්ටේ‍්‍රලියානු ජාතිකයෙකි.

වර්තමානයේදී ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් හි පදිංචි ඇය, දියකිඳුරියකගේ වලිගයකට සමාන වලිගයක ආධාරයෙන් ගැඹුරු මුහුදේ කිමිදෙන්නියෙකි.

ඒ, සමුදුරු ජීවය රකින මෙන් ඉල්ලන පණිවිඩයද සමගිනි.

විනාඩි දෙකක් දක්වා හුස්ම රඳවා ගත හැකි හැනා, අඩි 45ක් දක්වා ගැඹුරට කිමිදෙයි. ඇය කිමිදෙන්නේ සාමාන්‍ය කිමිදුම්කරුවන් විසින් යොදාගන්නා ඔක්සිජන් සිලින්ඩර් ඇතුළු ආම්පන්න ද රහිතවයි.

සිය වලිගයේ ආධාරයෙන් වේගයෙන් පිහිනන හැනා, මේ වන විට තල්මසුන්, ඩොල්ෆින් සතුන් හා මඩුවන් හා මෝරන් සමගද මෙලෙස පිහිනා ඇති බව විදෙස් වාර්තා වල සඳහන් වේ.

හැනා, මෙවැනි වලිගයක් ප‍්‍රථමවරට සාදාගෙන ඇත්තේ ඇය නව වියේ දරුවෙකුව සිටියදීය.

තල්මසුන් ඇතුළු සමුදුරු ජීවීන් නිරපරාදේ මරාදැමීමට එරෙහිව හඬ නගන හැනා ගේ මෙම  ඡායාරූප ගෙන ඇත්තේ ටොංගා දූපත් වටා ඇති මුහුදේය.

ඡායාරූප ශිල්පී ටෙඩ් ග‍්‍රැම්බෝ විසින් ගෙන ඇති මෙම ඡායාරූප, තල්මසුන් රැකීමේ අරමුණින් පළ කළ ’ද සර්ෆර් ඇන්ඞ් ද මර්මේඩ්’ ළමා කෘතියට ඇතුළත් කර තිබේ.

කිම්බර්ලි මලර් ගේ ’ලාස්ට් නයිට් අයි ස්වෑම් විත් අ මර්මේඩ්’ ද හැනාගේ දියකිඳුරු රුවින් සැරසෙන තවත් ළමා කෘතියකි.

මේ අතර, පරිසර ජීවී සංරක්‍ෂණවරියක්, දියයට පිහිනුම්කාරියක්, හා නිරූපන ශිල්පිනියක් ලෙස ගතවන හැනා ගේ දිවිපෙවෙත පිළිබඳ වාර්තාමය චිත‍්‍රපටියක් ද නිෂ්පාදනය වෙමින් පවතින බව විදෙස් වාර්තා වල වැඩිදුරටත් සඳහන් වේ.

ඡායාරූප අනුග‍්‍රහය : ඩේලිමේල්



ෆේස්බුක් යාළුවෝ එක්ක බෙදාගන්න 

කුරුමිණි ප‍්‍රතිමාව

 බල්ගේරියානු ජාතික කලාකරුවෙකු වන ගැබර් ෆුලොප් පිළිම නෙළන්නේ තඹ වලින් හෝ ගලින් නොවේ.
පහත ඡායාරූප වල දැක්වෙන්නේ ඔහුගේ නිර්මාණයකි. ලේඩිබග් ලෙස නම් කර ඇති මෙය, බැලූබැල්මට නම් කුරුමිණියන්ගෙන් වැසී ගිය මිනිස් රුවකි.

මෙම නිර්මාණය සඳහා ගැබර් විසින් කෘතිමව සකසන ලද සහ දෑතින් පින්තාරු කරන ලද Ladybug නම් කුරුමිණියන් 20, 000 ක් උපයෝගී කරගෙන ඇත.

පසුව කාන්තාවකගේ සිරුරකට අනුරූපව සකසන ලද මෙම ආකෘතිය, සොබාදම් දෙවඟනක්් නිරූපනය කරන බව ගැබර් පවසයි.
ඡායාරූප අනුග්‍රහය : හෆින්ටන් පෝස්ට්


ෆේස්බුක් යාළුවෝ එක්ක බෙදාගන්න 

ලෝකයේ ලොකුම කෘමියා සොයාගනී

ඌ මීයකු වගේ තුන්ගුණයක් ලොකුයි, මේ කන්නේ කැරට් අලයක්. දැනට වාර්තා වී ඇති ආකාරය අනුව ලෝකයේ ලොකුම කෘමියා මේ සතායි.

මේ යෝධ කෘමියා ඉන්නේ නවසීලන්තයේ. නවසිලන්තයට අයත් ලිට්ල් බැරියර් දූපතේ වනාන්තරබදව වෙසෙන මේ යෝධ කෘමියා දින දෙකක් තිස්සේ වෙහෙස වී සොයා ගත්තේ ඇමෙරිකාවේ කොලරාඩෝවල සිට මෙහි පැමිණි මාක් මොෆෙට් කියන වනජීවී ලෝලයායි. 53 හැවිරිදි හිටපු වනජීවී නිලධාරියකු වූ ඔහුගේ අතේ සිටිද්දී මේ අපූරු සතා කැරට් අලයක් එහෙම පිටින් ම කෑවා. අලේ බර ග්රෑම් 71ක්. ඌ ගේකුරුල්ලකුට වැඩිය බරයි. මීයකු වාගේ තුන්ගුණයක් බරයි.

වෙටා නම් වූ මේ සත්ව ගෝත‍්‍රයට සතුන් විශේෂ 70ක් විතර අයත් වෙනවා. මේ අල්ලා ගෙන ඉන්නේ ගැහැනු සතෙක්. උගේ ඇති බිත්තරත් එක්කයි මේ තරම් බර වෙන්නෙ.

මේ වේටා සත්ව විශේෂය අනෙක් සත්ව විශේෂවලට වඩා කුලෑටියි. උන් ආහාරයට ගන්නේ ශාක, වෙනත් කුඩා කෘමි සතුන් හා පලතුරු වර්ගයි.

පළඟැටියකුට සමාන මේ සතා මේ තරම් ලොකු වෙන්නට හේතුව ඒ දූපතේ මොවුන් අල්ලා ගෙන ගොදුරු කර ගන්නා විලෝපිකයන් නැති වීමයි.

මේ සතාගේ පියාපත් විදා හළ විට අඟල් හතක් විතර දිගයි. මේ සතා මේ කුඩා දූපතට සීමා වුනත් මේ වෙටා වර්ගයේ ප‍්‍රමාණයෙන් කුඩා සත්ව විශේෂ 70ක් පමණ නවසීලන්තය පුරා විසිරී ජීවත්වෙනවා. මේ යෝධ කෘමීන් නවසීලන්තයේ ප‍්‍රධාන භූමියෙන් වඳ වී ගියේ මෙහි පැමිණි යුරෝපීයයන් මීයන් මේ දූපතට හඳුන්වා දීමත් සමගයි.

මාක් මෙහි ආවේ ඇමෙරිකාවේ කොලරාඩෝවේ සිටයි. මේ පින්තූර ගත්තාට පසු මේ යෝධයා හිටිය තැනටම ආපසු යවන්න ඔහු අමතක කළේ නැහැ.





ෆේස්බුක් යාළුවෝ එක්ක බෙදාගන්න 

ලෝකයේ ලස්සනම කාන්තාව

ලොව ලස්සන කාන්තාව ඇන්ජලීනා ජොලී හෝ අයිස්වර්යා රායි නොවේ. ලස්සන එකිනෙකා දකින ආකාරය වෙනස් වූවත් දැනට ලොව ලස්සනම කාන්තව ලෙස කිරුළු දරා සිටින්නේ ෆාතිමා කුල්සම් සොහාර් ගෝදාබරී නම් වූ කාන්තාවයි. ඇය කලක් රාජකීය කුමාරිය වූ අතර දැන් සෞදි අරාබි රාජ්‍යයේ නීත්‍යානුකූල රැජිනයි. ඇගේ සේයාරූ මෑතක් වෙනතුරු කිසිවෙක් දැක නොතිබුනද අහම්බෙන් මෙන් මෑතදී ඇගේ සේයාරූ කීපයක් අන්තර්ජාලයට එක්වී තිබෙනවා. මේ තිබෙන්නේ ඒවායි. ඇය ගැන ඔබේ අදහස comment කර යන්න අමතක කරන්න එපා.









ෆේස්බුක් යාළුවෝ එක්ක බෙදාගන්න

ශ්‍රී ලංකාවෙනුත් චන්ද්‍රිකාවක් කක්ෂගත වෙයි

එයින් චන්ද්‍රිකාගත දුරකථන සේවා හා අන්තර්ජාල සේවා ආරම්භ කිරීමට නියමිතයි...

ශ්‍රී ලංකාවට අයත්වන පළමු චන්ද්‍රිකාව කක්ෂගත කිරීම සඳහා "සුප්‍රීම්සැට්" පුද්ගලික සමාගම සූදානම් වෙනවා.

මූලිකව ඩොලර් මිලියන 20ක ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් යටතේ පසුගියදා අත්සන් තැබුණු මෙම ව්‍යාපෘතිය, පසුව ඇමරිකානු ඩොලර් මිලියන 320ක් දක්වා වැඩිකිරීමටයි යෝජනා වී තිබෙන්නේ

DFH-4 වර්ගයට අයත් මෙම චන්ද්‍රිකාව 2015 වසරේ අංශක 50ක් නැගෙනහිර අහසේ කක්ෂගත වීමට නියමිත අතර එමඟින් චන්ද්‍රිකාගත දුරකථන සේවා හා අන්තර්ජාල සේවාද ආරම්භ කිරීමටද අවස්ථාව ලැබෙනු ඇති.

මේ සඳහා යොදාගන්න්නා චන්ද්‍රිකාවේ නිර්මාණ සැලැස්ම, නිෂ්පාදන හා චන්ද්‍රිකාව කක්ෂගත කිරීම මෙන්ම මේ ආශ්‍රිත වෙළඳ පහසුකම් සලසාගැනීම සඳහා "සුප්‍රීම් සැට්" සමාගම විසින් "China Great Wall Industries Corporation" සමාගම හා "China Satellite Communication Corporation" සමාගම් සමඟ හවුල් ව්‍යාපාර ගිවිසුමකට එළඹ තිබේ.

"සුප්‍රීම් සැට්" සමාගමේ කළමණාකාර මනිවන්නන් මහතා පවසන්නේ මේ සඳහා විදුලි සංදේශ කොමිෂන් සභාව සමඟ ඒ සඳහා අනුමැතිය ගැනීමට සාකච්ජා කරමින් පවතින බවයි.

මෙම චන්ද්‍රිකාව ලංකාවට අයත් වුවද එය කක්ෂගත කෙරෙනුයේ ලංකාවේ සිට නොව චීනයේ චන්ද්‍රිකා ගුවන්ගත කිරීම් හා අභ්‍යාවකාශ මෙහෙයුම් මධ්‍යස්ථානයකිනි. 
Share
ෆේස්බුක් යාළුවෝ එක්ක බෙදාගන්න 

බුදු දහමට නිගාකරන 'ස්කිනි බුද්ධා' විලාසිතා අන්තර්ජාලයෙන් අතුගා දමයි

බුදු රජාණන් වහන්සේගේ රුව මොඩ් කර එයට සන්ග්ලාස් පළඳවා තරුණ පරපුර අතර ජනප්‍රිය කරවීමේ අරමුණින් ටී ෂර්ට්, බෑග්, පළඳනා නිෂ්පාදනය කරන 'ස්කිනි බුද්ධා' නමැති ව්‍යාපාරයක් ගැන මේ දිනවල තොරතුරු වාර්තා වනවා.
ඔවුන්ගේ තේමා පාඨයෙන් පැවසෙන්නේ නිර්මල බුදු දහමට කැමති අය මේ විලාසිතාවන්ගෙන් සැරසෙන්න යනුවෙනි.

අල්පේච්ඡතාව මුල්කරගෙන ප්‍රකටවූ බුදු දහමට මෙවැනි විලාසිතාවන්ගෙන් කෙරෙන්නේ නිග්‍රහයක් බව මේ නිර්මාණ කරුවන් දන්නේ නැතිද නැතිනම් හිතාමතාම බුදුදහමට අපහාසවන ආකාරයට මේවා නිර්මාණය කරන්නේද යන්න පැහැදිලි නැත.

බුදුරුව සඳහන් මේ ටී ෂර්ට් විකුණාගැනීම සඳහා ඒවා ලිංගික ආකර්ෂණය ඇතිවන ආකාරයට තරුණියන්ට අන්දවා ඡායාරූප ගෙන අන්තර්ජාලයේ ප්‍රචලිත කර තිඛෙනවා.
මේ ගැන ඊයේ පෙරේදා ඊමේල් මාධ්‍ය ඔස්සේ මහත් ආන්දෝලනයක් ඇතිවුණා.

බුදු දහමට නිගාකරන ස්කිනි බුද්ධාට එරෙහිව අන්තර්ජාල පිටු මකා දමන්නට බෞද්ධ පාඨකයින් අදාළ ආයතන වලට කර තිබූ බලපෑම මේ වන විට සාර්ථකවී තිඛෙනවා.

ස්කිනි බුද්ධා විලාසිතා සඳහා අන්තර්ජාලයේ ෆේස් බුක් පිටුවක්ද ඊයේ(11) රාත්‍රිය වනතුරු ක්‍රියාත්මක වූ අතර එය පාඨක විරෝධතා නිසා නවතා ඇති සෙයක්ද අද වාර්තා වනවා.

එසේම ඔවුන්ගේ ප්‍රචාරක වීඩියෝ පටයක් යූ ටියුබ් මාධ්‍යයේ තිබුණ අතර එය දැන් මකා දමා තිඛෙනවා.

ස්කිනි බුද්ධා ඔන්ලයින් නමින් ක්‍රියාත්මකවූ ඔවුන්ගේ වෙබ් අඩවිය දැන් ඉවත් කරගෙන ඇති අතර එහි දිස්වන්නේ සර්වරයේ පණිවිඩයක් පමණි.

බුදු දහමේ හෝ කවර ආගමක අරුථ නිසියාකාරව නොදැන ඒවා වාණිජකරණයට යොදාගැනීම කෙතරම් නොහොබිනාකමක්ද යන්න මොවුන්ගේ ඡායාරූප දකින කෙනෙකුට වටහාගන්නට හැකිවෙයි.




ෆේස්බුක් යාළුවෝ එක්ක බෙදාගන්න 

‘මාව සිරිදළදා ගමනයෙන් ඉවත් කලේ නැහැ’ – පුෂ්පිකා

නිර්මාණකරුවන් තවමත් එහෙම දෙයක් මට දන්වලා නැහැ...  
සිරිදළදාගමනය චිත්‍රපටයේ හේමමාලා කුමරියගේ චරිතයට රංගනයෙන් දායකවීමට සූදානම්ව සිටියේ ශ්‍රී ලංකා රූ රැජනක ලෙස අභිෂේක ලැබූ මෝස්තර නිරූපණ ශිල්පිනියක වන පුෂ්පිකා ද සිල්වායි.

නමුත් කටකතාවක් පැතිර ගියා  මෙම චිත්‍රපටයට සම්බන්ධ වූ එක් පාර්ශ්වයක විරෝධතාව මත පුෂ්පිකා හේමමාලා කුමරියගේ චරිතයෙන් ඉවත් කර ඇති බවට…

එසේම මෙයට මූලික හේතුව වී ඇත්තේ ඇය ගේ අඩනිරුවත් ඡායාරූප අන්තර්ජාලයේ පළවී තිබීම බව එම කටකතා පල කෙරු අඩවි තවදුරටත් වාර්තා කර තිබුණා. මේ පිළිබඳව පුෂ්පිකාගෙන් මෙම පුවතේ සත්‍ය අසත්‍යතාවය විමසා සිටි අවස්ථාවේ ඇය පැවසුවේ මෙවැන්නක්..

මෙය මහා බොරුවක්. කටකතාවක් හදලා හැමතැනම ප්‍රචාරය කරනවා. මේ චිත්‍රපටයේ නිර්මාණකරුවන් තවමත් එහෙම දෙයක් මට දන්වලා නැහැ. ඇත්තට මේ ගැන මට හරිම කනගාටුයි.

කෙසේ වෙතත් මෙම චරිතය ලැබුණු දා පටන් තමන් එම ගෞරවනීය චරිතයට පෙවී කටයුතු කරන බවට පුෂ්පිකා පැවසුවා.
 ෆේස්බුක් යාළුවෝ එක්ක බෙදාගන්න 

අඩ නිරුවත් චරිතයක් ලැබුනොත් ප‍්‍රතික්ෂේප කරනවා - පුෂ්පිකා

පුෂ්පිකා තවමත් විවාහය සැලැසුම් කර නැතිලු...
සංස්කෘතියට ගැලැපෙන විලාසිතා කරනවා... 

බිකිනිය හැර  ඕනෑම විලාසිතාවක් කිරීමට තමා 
සූදානම් බව වසර 2011 ශී‍්‍ර ලංකා රූ රැජිණ බවට පත් මහම්පිටිය ආරච්චිලාගේ පුෂ්පිකා සඳමාලි ද සිල්වා කියයි.

ඇය සතිඅන්ත පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මේබව පවසා තිබේ.නිර්මාණකරණයේ යෙදීමේදී වර්ගීකරණය කර ක්‍ෂේත‍්‍රයේ රැඳී සිටීමට නොහැකි බව පවසන පුෂ්පිකා ඉන් අදහස් කරන්නේ සම්පූර්ණ ඇඟ පසඟ පෙන්විය යුතු බව නොවන බවද කියන්නීය.
ශී‍්‍ර ලංකා සංස්කෘතියට ගැලැපෙන පරිදි නිවරදි විලාසිතාවක යෙදිය හැකි බවද ඇය පවසන්නීය.

නිරූපිකාවක් වූ පිළියට ලැබෙන හැම චරිතයක්ම රඟ නොපාන බවද පවසන පුෂ්පිකා අඩ නිරුවත් චරිතයක් ලැබුනොත් එය නිර්මාණාත්මක වුණත්  ප‍්‍රතික්ක්ෂේප කරන බවද පවසා තිබේ.

ආදරය සුන්දර බවද තමා මේවන විට පෙම්වතියක් බවත් හෙළිකර ඇති ඈ පෙම්වතා සම්බන්ධයෙන් හෙළිකර නොමැත.

කෙසේවවුද විවාහය තවමත් සැලැසුම්කර නොමැති බවත්, ඒ සදහා තව කලවයස තිබෙන බවත් ඇය පවසා තිබේ.
ෆේස්බුක් යාළුවෝ එක්ක බෙදාගන්න 

පුෂ්පිකාගේ අඩනිරුවත් ඡායාරූප අන්තර්ජාලය පුරාම

සිරිදළදා ගමනය’ චිත‍්‍රපටයේ හේමමාලා  කුමරියගේ චරිතය රගපෑමට ආරාධනා ලැබ සිටි 2011  ශී‍්‍ර ලංකා රූ රැජිණ වු   පුෂ්පිකා සඳමාලි  එම චරිතයෙන් ඉවත්කර ඇතැයි අප වෙත වාර්තා විය.

සනත් අබේසේකර විසින් තිර රචනය ලියා අධ්‍යක්ෂණය කරනු ලැබූ මෙම චිත‍්‍රපටයේ නිෂ්පාදක දායකත්වය සපයන එක් පාර්ශවයක් වන අකරවිට සංඝානන්ද හිමියන්ගේ විරෝධතාවක් මත මෙම ඉවත් කිරීම සිදු කර තිබේ.  සිරිදළදා ගමනය චිත්‍රපටයෙන් පුෂ්පිකා ඉවත් කර ඇත්තේ පුෂ්පිකාගේ අඩනිරුවත් ඡායාරූප අන්තර් ජාලය පුරාම විසිරී ඇති බැවින් එවැනි නිළියකට හේමමාලා කුමරියගේ චරිතය දීමේන්  බෞද්ධ ආගමට අගෞරවයක් වන බැවිනි.
මෙම සිනමා සිත්තමේ මුහුරත් උළෙල කිරුළපන ඇලන් මැතිනියාරාම විහාරයේදී පසුගිය දා සිදු කෙරුණි. කෙසේවුවද මෙම මුහුරත් උළෙල පවත්වනු ලැබුවේ එම චිත‍්‍රපටයට අවශ්‍ය ප‍්‍රධාන නළුවා නොමැතිව වීම ක්ෂේත‍්‍රයේ හාස්‍යට ලක් විය. 


ෆේස්බුක් යාළුවෝ එක්ක බෙදාගන්න